ඔස්ට්‍ර්ලියාවේ අගමැතිට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමිවන ලකුණු

 11/11/2017 - 17:28
7 reads

ඔස්ට්‍ර්ලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බූල්ට එරට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමිවී තිබෙනවා.

ඒ, ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් මේ වන විට එරට උත්ගතව ඇති අර්බුදකාරී දේශපාලන තත්ත්වයත් සමග තවත් මන්ත්‍රීවරයෙකු සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්.

එරට ව්‍යවස්ථාවට අනුව ද්විත්ව පුරවැසිභාවය දරන්නන්ට පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකි අතර ඒ හේතුවෙන් පසුගිය දා ඔස්ට්‍ර්ලියානු උප අග්‍රාමාත්‍යවරයාට ද සිය ධූරය අහිමි වුණා.

කෙසේ වෙතත් මහ මැතිවරණයක් පැවැත්වීම ඔස්ට්‍ර්ලියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news