මෝටර් රථයක් සිසුන් පිරිසක් අතරට ධාවනය කිරීමෙන් තුන් දෙනෙකුට තුවාල

 11/11/2017 - 15:26
51 reads

ප්‍රංශයේ ටුලුස් ප්‍රදේශයේදී මෝටර් රථයක් සිසුන් පිරිසක් අතරට ධාවනය කිරිමෙන් සිසුන් තුන් දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මෝටර් රථයේ රියදුරු එම අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරු මානසික රෝගයක් සදහා ප්‍රතිකාර ලබන අයෙකු බව ද සඳහන්.

මෙය ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news