පාප් වහන්සේ වතිකානුවේ දුම්වැටි අලෙවිය තහනම් කරයි

 11/11/2017 - 14:20
8 reads

ලබන වසරේ සිට වතිකානුවේ  දුම්වැටි අලෙවිය තහනම් කිරීමට අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

කොතරම් ලාභයක් ලැබුව ද දුම්වැටි පානය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට අහිතකරවීම හේතුවෙන් පසුගිය දා ෆ්‍රැන්සිස් පියතුමන් මෙම දුම්වැටි තහනම පනවනු ලැබුවා.

වතිකානුවේ වසරක දුම්වැටි අලෙවිය මගින් යුරෝ මිලියන 10කට අධික මුදලක් උපයන බව සඳහන්.

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ දුම්බීම හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් ලක්ෂ 70කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා.
 

 

news24.lk
News24
sri lanka news 24
24 news