අවුරුදු 16 දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට පිලිපීන ජනාධිපති පවසයි

 11/10/2017 - 20:48
85 reads

තමන් අවුරුදු 16 දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ දුතර්තේ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ වියට්නාමයේදී ආරම්භ වූ ආසියා ශාන්තිකර ආර්ථික සහයෝගීතාව හෙවත් ඇපෙක් සමුළුවට සහභාගී වී සිටින අතරතුරදීයි.

කෙසේ වෙතත් පිලිපීන ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ එය ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබූ විහිළුවක් බවයි.

තමන් දෙස බැලීම හේතුවෙන් අදාළ පුද්ගලයා ඝාතනය කළ බවයි පිලිපීන ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news