දිල්ලියේ වාහන අංක තහඩුවෙන් නවත්වයි

 11/10/2017 - 19:21
86 reads

ඉන්දියාවේ දිල්ලි අගනුවර මේ වන විට පවතින පරිසර දූෂණය හේතුවෙන් නගරයට රථ වාහන ඇතුළු කිරීම සඳහා බලධාරීන් යළිත් වරක් දින නියම කර තිබෙනවා.

ඒ අනුව අංක තහඩු ඔත්තේ සංඛ්‍යාවකින් අවසන් වන වාහනවලට දින දර්ශනයේ ඔත්තේ දිනවලත් අංක තහඩුව ඉරට්ටේ සංඛ්‍යාවකින් අවසන් වන වාහනවලට දින දර්ශනයේ ඉරට්ටේ දිනවලටත් අගනුවරට පිවිසීමට සිදු වනවා.

කෙසේ වෙතත් මෙම සලාක ක්‍රමය මගින් මතුව ඇති පරිසර දූෂණය  පාලනය කර ගැනීමට  හැකිවේද යන්න පිළිබඳ ගැටලුවක් පවතින බවයි විචාරකයින් පවසන්නේ.

දිල්ලි අගනුවර සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ පරිසර දූෂණය පිළිබඳ නිර්දේශ කර ඇති මට්ටමට වඩා 33 ගුණයකින් එය ඉහළ ගොස් ඇති බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news