මානුස් දූපතේ තවදුරටත් රැදීසිටින සරණාගතයින්ට වහා ඉවත් වන්නැයි අගමැතිගෙන් නියෝගයක්

 11/10/2017 - 17:04
54 reads

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්, ‘මානුස්’ පැපුවා නිව්ගිනි රැඳවුම් මධ්‍යස්ථානයෙන් ඉවත් වන්නැයි එහි රැඳී සිටින හයසීයක් පමණ සරණාගතයන්ට දැනුම්දී තිබෙනවා.

වසා දමා තිබෙන එම රැඳවුම් කදවුරෙන් ඉවත්ව යන ලෙස දැනුම් දී ඇතත් ඔවුන් එම ඉල්ලීමට අනුගත නොවී මේ වන විටත් කඳවුරේ රැදී සිටිනවා.

පැපුවා නිව්ගිනි පාලනය, සරණාගතයන් සඳහා දැනට වාසය කරන රැඳවුම් මධ්‍යස්ථානය වෙනුවට විකල්ප ස්ථාන හඳුන්වා දී ඇතත් ඔවුන් පදිංචිය මාරු කිරීමට සූදානම් නැහැ.

සරණාගතයන් පවසන්නේ තමන් ‘මානුස්’ කඳවුරෙන් ඉවත්ව වෙනත් ස්ථානයන්ට ගියහොත් දූපත් වාසීන්ගේ ප්‍රහාරවලට ලක්විය හැකි බවයි.

කෙසේ වෙතත් දින 10ක සිට පැපුවා නිව්ගිනි ‘මානුස්’ රැඳවුම් මධ්‍යස්ථානය නිල වශයෙන් වසා දමා ඇති අතර සරණාගතයන්ට අවශ්‍ය ආහාර, ජලය සහ විදුලිය ලබා දීම ද නවතා දමා තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news