බ්‍රිතාන්‍ය නව ආරක්‍ෂක ලේකම් කඩිනමින් පත් කිරීමට සැලසුම්

 11/02/2017 - 16:12
5 reads

බ්‍රිතාන්‍යයේ ආරක්ෂක ලේකම් මයිකල් ෆැලන් සිය ධූරයෙන් ඉවත් වීමත් සමග පුරප්පාඩු වු එම ධුරය සදහා කඩිනමින් සුදුස්සෙකු පත් කරන බව එරට අග්‍රාමාත්‍ය තෙරේසා මේ පවසනවා.

සිය රාජකාරිය උපරිමයෙන් ඉටු කිරීමට නොහැකිවීම සහ තම කාර්ය මණ්ඩලය පාලනය කිරීමට නොහැකිවීම මත මයිකල් ෆැලන් බ්‍රිතාන්‍යයේ ආරක්ෂක ලේකම් ධූරයෙන් ඉවත් වුනේ ඊයේ දිනයේදීයි.

සිය ක්‍රියාකලාපය බ්‍රිතාන්‍ය හමුදාව බලාපොරොත්තු වන ආකාරයට නොමැති බව ද ඔහු සඳහන් කර සිටියා.

පසුගිය කාලයේ තමාට එල්ල වූ චෝදනා අතරින් බහුතරයක් අසත්‍ය සහ පදනම් විරහිත බවයි ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපියේ සදහන් කර තිබුණේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news