ෂී ජිං පිංගේ පාලනය සමග සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ට්‍රම්ප් කියයි

 10/26/2017 - 09:17
9 reads

චීන ජනාධිපති ෂී ජිං පිං ගේ පාලනය සමග සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
යළිත් වරක් චීනයේ ජනාධිපතිවරයා ලෙස ෂී ජිං පිං පත්වීම සම්බන්ධයෙන් තමා සතුටට පත්වන බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ.
ලබන මාසයේදී පැවැත්වීමට නියමිත ජී. 20 සමුළුව අතරතුරදී චීන ජනාධිතිවරයා සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්විටර් පණිවිඩය මගින් තවදුරටත් සඳහන් කර ඇත්තේ අතීතයේ සිට අමෙරිකාව චීනය සමග සමීපව කටයුතු කළ අතර එම සබඳතා ශක්තිමත් කර ගැනීම සිය අපේක්ෂාව වන බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news