'ජනපති ඔබාමා' අවුරුදු 8ක්ම දාගෙන ඇත්තේ "එකම - උඩුකබායක් සහ සපත්තු දෙකක්"

 06/14/2017 - 10:19
879 reads

හිටපු අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා බලයේ සිටි අවුරුදු 8ක කාල   රාත්‍රී භෝජන සංග්‍රහ සඳහා එකම  උඩුකබායක් සහ පාවහන් යුගලක් පමණක් භාවිතා කළ බවට ඔහුගේ බිරිඳ මිෂෙල් ඔබාමා අනාවරණ කර තිබෙනවා.

ඇය සඳහන් කරන්නේ ඔබාමා  එම උඩු කබායට බෙහෙවින් ඇලුම් කළ බවයි.

කිසිදු අවස්ථාවක එය කිසිවෙකුගේත් අවධානයට ලක් නොවූ බවට ඇය අවධාරණ කර සිටිනවා.

කෙසේ වෙතත්, තමන් පලඳින පාවහන්, මාල,වළලු  පිළිබඳ බොහෝ දෙනෙකු අවධානය යොමු කළ බවයි සමුළුවකට එක්වෙමින් මිෂෙල් ඔබාමා කියා සිටියේ.