UPDATE: Boeing 737 යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 157ක් මරුට

373

මගීන් 149 දෙනෙක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 8 දෙනෙක් රැගත් Boeing 737 වර්ගයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් සියලු දෙනා මියගොස් තිබෙනවා.

ගුවන් සමාගමේ නවතම වාර්තාවල දැක්වෙන්නේ ජාතීන් 33කට අයත් පුද්ගලයන් එහි සිටි බවයි.

අනතුරට පත්ව ඇත්තේ ඉතියෝපියා එයාර්ලයින් සමාගම ට අයත් Boeing 737-800MAX වර්ගයේ යානයක්.

ඇඩිස් අබාබා (Addis Ababa) Bole International Airport සිට කෙන්යාවේ (Kenya) නයිරෝබි (Nairobi) බලා ගමන් ආරම්භ කර ටික වෙලාවකින් යානය Bishoftu නගරය කලාපයේදී අනතුරට ලක්ව තිබෙනවා.

Bishoftu කලාපය පිහිටා ඇත්තේ ඇඩිස් අබාබා සිට කිලෝමීටර 62ක පමණ ගිනිකොන දෙසින්.

යානය අනතුරට පත් ස්ථානය

යානය අනතුරට පත් ස්ථානය පිලිබඳ ප්‍රසිද්ධියට පත්වූ පළමු ඡායාරූපය පහතින් දැක්වෙනවා.

මෙහි සිටින්නේ ඉතියෝපියා එයාර්ලයින් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Tewolde GebreMariam.

කෙසේ වෙතත් යානයේ සුන් බුන් පිළිබඳ වැඩි යමක් අනාවරණ කර නැහැ.

යානය පෙරවරු 08.38 ට ගමන් ආරම්භ කර විනාඩි 06කින් පෙරවරු 08.44 ට පමණ රේඩාර් සම්බන්ධතාව ගිලිහී තිබෙනවා.

ඉතියෝපියා අගමැති Abiy Ahmed අනතුර සම්බන්ධයෙන් මගීන්ගේ පවුල්වල සාමාජිකයන් අමතා ශෝකය පළ කළා.

අනතුරට ලක්ව ඇත්තේ ET302 දරණ යානයි.

මේ අතර එම දත්ත වාර්තා දක්වා ඇත්තේ යානයේ vertical speed හි යම් අස්ථාවර භාවයක් පෙන්නුම් කර ඇති බවයි.

පසුගිය ඔක්තෝබරයේ දී ඉන්දුනීසියාවේ ජකර්තා නුවරින් ගමන් ආරම්භ කර විනාඩි 13කින්, පුද්ගලයන් 189 දෙනෙකු මරණයට පත් කරමින් අනතුරට පත් වූයේද මෙම Boeing 737-800MAX වර්ගයේම යානයක්.

අද අනතුරට පත් යානය සිය පළමු ගමන සටහන් කර තිබුනේ ද පසුගිය වසරේ ඔක්තෝබරයේ දී.

මේ අතර අනතුර සම්බන්ධයෙන් සොව පළ කරන Boeing සමාගම දක්වා ඇත්තේ ඉතියෝපියා ගුවන් සමාගම ට සහය දැක්වීමට සුදානම් බවයි.

ඇමෙරිකානු ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලයේ ඉල්ලීම අනුව, තාක්ෂණික සහාය සැපයීමට බෝයින්ග් තාක්ෂණික කණ්ඩායම සූදානම් බවද දක්වා තිබෙනවා.

Your Comments