UPDATE : පොහොට්ටුව සහ නිදහස් පක්ෂය අතර සාකච්ඡා ඇරඹෙයි

17

නව සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා විපක්ෂ නායක කාර්යාලයේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
අද පෙරවරු 10.30 ට පමණ මෙම සාකච්ඡා ආරම්භ වූ බවයි වාර්තා වන්නේ.
ඒ සඳහා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා සහ එහි හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එම සාකච්ඡා සඳහා සහභාගි වී ඇත්තේ එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම යන මහත්වරුනුයි.


UPDATE: නව සන්ධානය ගොඩනැගීමේ පළමු සාකච්ඡාවට නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ විපක්ෂ නායක කාර්යාලයට [Mar 14, 2019 11:30am]

නව සන්ධානය ගොඩ නැගීම පිලිබඳ පැවැත්වෙන පළමු සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයට පැමිණ තිබෙනවා.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ එහි හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් ද සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එම සාකච්ජාවට සහභාගී වී ඇත්තේ එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම යන මහත්වරුන් සහභාගි වී ඇති බව සඳහන්.


නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර නිල සාකච්ඡා අද[Mar 14, 2019 10:16am]

පොදු සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නිල සාකච්ඡා අද ආරම්භ වනවා.
කිසිදු පූර්ව කොන්දේසියක් නොමැතිව සිය පාර්ශවය සාකච්ඡා සඳහා එක්වන බවයි පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ.


Your Comments