UPDATE : නිදහස් පක්ෂයේ සහ පොහොට්ටුවේ සාකච්ඡා කල් යයි

20

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද 6වන වතාවට පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡා අවලංගු කර තිබෙනවා.

නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ එම සාකච්ඡා වටය එලඹෙන 26 වනදාට කල් දැමූ බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවති පස්වන වටයේ සාකච්ඡාව පසු ගිය 7වනදා දහවල් පැවැත් වුණා.
එහිදි දෙපාර්ශවයේ එකඟතාවයෙන් අද දිනයේ 06වන වටයේ සාකච්ඡා සඳහා යළි හමුවීමටයි එකඟ වුණේ.


නිදහස් පක්ෂයේ සහ පොහොට්ටුවේ තවත් සාකච්ඡාවක් අද [Jun 17, 2019 @ 09:04]

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා මාලාවේ තවත් සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.
නව සන්ධානයක් ගොඩනැගීම උදෙසා වන මෙම සාකච්ඡාව අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වෙනු ඇති.
මෙම සාකච්ඡා මාලාව පළමුවෙන්ම මාර්තු 14 වනදා ආරම්භ වූ අතර, පසුගිය හත්වනදා පැවැත්වුණේ එහි පස්වැන්නයි.
එහිදී පොදු ප්‍රතිපත්ති මාලාවකට දෙපාර්ශවයේම එකඟතාව පළවී තිබුණා.

Your Comments