UPDATE : නිදහස් පක්ෂයේ මනාපය ගෝඨාට දෙන්න තීන්දු වෙයි

12

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට අද තීරණය කලා.
එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ ඉදිරි මැතිවරණ වලදී පොහොට්ටුව ලකුණු වෙනුවට පුටුව ලකුණ යටතේ සන්ධාන ගත වීමට නියමිත බවයි

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ද අදහස් පල කලා.

මේ එම මාධ්‍ය හමුවටම එක් වෙමින් අදහස් පල කල සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා.


ජනපතිවරණයේදී නිදහස් පක්ෂයේ සහය පොහොට්ටුවට – තීරණය නිල වශයෙන් දැනුම්දෙයි [Oct 9, 2019 @ 10:54]

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට තීරණය කර තිබෙනවා.
එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමින්.
ඉදිරි මැතිවරණ වලදී පොහොට්ටුව ලකුණු වෙනුවට පුටුව ලකුණ යටතේ සන්ධාන ගත වීමට නියමිත බව ද හෙතෙම කියා සිටියා.

Your Comments