UPDATE : කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

54

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.
තරගය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
තරගයේ සජීවී විස්තර විචාරයට ස්කයි මාධ්‍ය ජාලයේ එෆ් එම් 99.5 සහ 99.7 රස එෆ් එම් ඔස්සේ සවන්දිය හැකියි.


ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු එක් දින තරගය අද [Jul 29, 2018 @ 07:15]
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.
තරගය පෙරවරු 9.45ට දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම යළිත් නිත්‍ය නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට හිමිව තිබෙනවා.
ඔහු පසුගිය ජනවාරි මාසයේ දී කණ්ඩායමේ නායකත්වයට යළි පත් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා ඇත්තේ එක් තරගයක දී පමණයි.
ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන සිය වන තරගය ද අද තරගය වීම විශේෂත්වයක්.

Your Comments