UPDATE: අගමැති ධුරයේ වැඩ ආරම්භ කරයි [Video]

57

අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී නිල වශයෙන් සිය ධුරයේ රාජකාරි අරඹා කලා.
ඒ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ 10.36ට යෙදුණු සුබ මොහොතින්.
එම අවස්ථාවට මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
පසුගිය ඉරිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා.
සිව් වන වරටත් අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ භාර ගත් මහින්ද රාජපක්ෂ මහතා මෙරට 13 වන අග්‍රාමාත්‍යවරයායි.
එමෙන්ම, නව අමාත්‍යවරුන් හෙට දිනයේදී මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිඟා පරිශ්‍රයේ මගුල් මඩුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.


 

අගමැති අද වැඩ භාර ගනියි (VIDEO) [Aug 11, 2020 at 09:00]

අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ අද සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ අද උදෑසන 10.30ට අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා වැඩ භාර ගන්නා බවයි.

පසුගිය ඉරිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා.

එමෙන්ම, නව අමාත්‍යවරුන් හෙට දිනයේදී මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිඟා පරිශ්‍රයේ මගුල් මඩුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.

නව රජයේ අමාත්‍ය මණ්ඩල ව්‍යුහය ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා.

අමාත්‍යාංශ 28ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40ක් සඳහා පැවරෙන වගකීම් පිළිබඳ අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට පෙර සිටම දැනුවත් කිරීම සුවිශේෂී කරුණක්.

මහින්දානුප්‍රාප්තිය

අප මාතෘභූමියට තම ප්‍රාණය හා සමව ආදරය කළ අභිමානවත් මිනිසෙකුගේ නැවත ආගමනය. මහින්දානුප්‍රාප්තිය…

Gepostet von Mahinda Rajapaksa am Montag, 10. August 2020

 

Your Comments