UPDATE : අගමැති ජනපති පරීක්ෂණ කොමිසමට

16

කෘෂිකර්ම අමාත්‍යාංශය ගොඩනැගිල්ල ගැන විමර්ෂණයට අදාළව ප්‍රකාශයක් ලබාදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණ තිබෙනවා.

ඒ, කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය රාජගිරියේ ගොඩනැගිල්ල බදු පදනම මත ලබාගැනීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහායි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ඉකුත් 12 වැනිදා මෙම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණා.

එහෙත්, මන්නාරම ප්‍රදේශයේ වැඩසටහන් කිහිපයක් ඇති බව දන්වමින් එදින අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවේ පෙනී සිටියේ නැහැ.

ඒ අනුව, අග්‍රාමාත්‍යවරයා අද දිනයේ කොමිසම හමුවට කැඳවීමටයි ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව යළි සිතාසි නිකුත් කළේ.


ජනපති කොමිසම හමුවේ සාක්ෂි දීමට අගමැතිට කැඳවීමක් [Sep 16, 2019 @ 09:12]

2015 – 2018 වසරවල රාජ්‍ය ආයතනවල සිදුවූ වංචා දූෂණ පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙනී සිටීමට නියමිතයි.

ඒ, කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය රාජගිරියේ ගොඩනැගිල්ල බදු පදනම මත ලබාගැනීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහායි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ඉකුත් 12 වැනිදා මෙම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණා.

එහෙත්, මන්නාරම ප්‍රදේශයේ වැඩසටහන් කිහිපයක් ඇති බව දන්වමින් එදින අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවේ පෙනී සිටියේ නැහැ.

ඒ අනුව, අග්‍රාමාත්‍යවරයා අද දිනයේ කොමිසම හමුවට කැඳවීමටයි ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව යළි සිතාසි නිකුත් කළේ.

ඒ අනුව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍්‍රමසිංහ මහතා අද උදෑසන 9.30ට ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, ඇතුළු පිරිසක් මීට පෙර සාක්ෂි ලබාදුන්නා.

Your Comments