TNA සහාය සජිත්ට

28

ඉදිරි ජනාධිපතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් නිවේදනක් නිකුත් කරමින් දෙමළ ජාතික සන්ධානය මේ බව අවධාරණය කළා.
එහිදී පත්වන නව ජනාධිපතිවරයා සතු විය යුතු ලක්ෂණ 4 ක් පිළිබද සිය සන්ධානය අවධානය යොමු කළ බවයි දෙමළ ජාතික සන්ධානය සදහන් කළේ.
එමෙන්ම ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ ප්‍රතිපත්ති ඉතා හොදින් නිරීක්ෂණය කිරීමෙන් පසුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබා දීමට තීරණය කළ බව එම සන්ධානය ප්‍රකාශ කළා.
මේ අතර, එළැඹෙන ජනාධිපතිවරණයේ දී තම පක්ෂයේ සහයෝගය ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදීමට තීරණය කළ බව දෙමන ජාතික සන්ධානය නියෝජනය කරන ටෙලෝ පක්ෂය අද සදහන් කළා.
එහි නායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතා නිවේදනයක් නිකුත් කරමිනුයි ඒ බව ප්‍රකාශ කර සිටියේ.
ජනාධිපතිවරණය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා දෙමළ ජනාතාවගේ ගැටළුවලට සාධාරණ විසදුමක් ලබා ගැනීමට හැකියාවක් පවතින බවට තම පක්ෂය විශ්වාසය පල කරන බව ද සෙල්වම් අඩෙක්කලනාදන් මහතා කියා සිටියා.
මීට පෙර දෙමල ජාතික සන්ධානය නියෝජනය කරන ෆ්ලොට් සහ ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ද සිය සහය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන බවයි සදහන් කළේ.

Your Comments