STF අත්අඩංගුවට පත් දාබරේ රඳවාගෙන පරීක්ෂණ කිරීමට අවසර

24

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් ඝාතන සහ මකොල්ලකෑම් රැසකට සම්බන්ධ ක්‍රිෂාන් නිලංග දාබරේ හෙවත් “බැබුන්“ නමැත්තා රඳවා තබාගෙන පරීක්ෂණ සිදුකිරීමට කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබෙනවා.
එහිදී දින 7 ක රැඳවුම් නියෝග මත රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමටයි අවසර ලබා දී ඇත්තේ.
විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අතුරුගිරිය, ශාන්තාලෝකගම ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.
26 හැවිරිදි අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් තොගයක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.
සැකකරු දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් “අංගොඩ ලොක්කාගේ“ සමීපතමයෙකු බව සඳහන්.
අංගොඩ ලොක්කා සහ ලඩියා යන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් විසින් අත්අඩංගුවට ගත් සැකකරු මෙහෙයවා ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.

Your Comments