MCC ගිවිසුම අත්හිටුවීමට කැබිනට් අනුමැතිය

37

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ ජාතික් ආරක්ෂාව ඇතුළු කරුණු පිළිබඳ සැලකිල්ලට ගනිමින්.

අද කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අහිතකර වගන්ති මෙම ගිවිසුම තුළ අන්තර් ගත වී ඇතැයි සමාලෝචන කමිටුව විසින් අතුරු වාර්තාවක් මගින් දන්වා තිබෙනවා.

ඒ අනුව විශේෂ අවධානය යොමු කර ඇති කරුණු

විනිවිඳභාවයෙන් තොරව ප්‍රසිද්ධියේ මහජනතාවට දැන ගත හැකි ආකාරයෙන් අත්සන් කිරීමට කටයුතු නොකිරීම.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ රටේ පවතින නීති පද්ධතියට අහිතකර වගන්ති ගිවිසුමේ අන්තර් ගතව තිබීම.

ජාතික ආරක්ෂාවට හා ජාතික, ආර්ථික හා සමාජීය මෙන්ම සංස්කෘතික කටයුතුවලට අහිතකර බලපෑම් ගෙන දිය හැකි වගන්ති එහි ඇතුළත් වීම.

රටේ ස්වෛරීත්වය, ස්වාධීනත්වය හා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයක් පැවතීම.

මෙවැනි කරුණු හේතුවෙන් ගිවිසුම අත්සන් නොකිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව තීරණය කර ඇති බවයි බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ.

ගිවිසුම ඇමෙරිකාව විසින් සකස් කර ඇති ගිවිසුමක් නොවන බවත් එය එක්සත් ජාතික පක්ෂයේ අභිමතය පරිදි සකස් කර ඇති බවත් බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.

Your Comments