LPL ප්‍රසාද සටහනේ පළමු තැන ක්ලම්බෝ කිංග්ස් කණ්ඩායමට

30

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 4ක් මේ වන විට පවත්වා අවසන්.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ක්ලම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් සිටින්නේ ප්‍රසාද ලකුණු 4ක් ලබාගනිමින්.

ඔවුන් තරග දෙකකට සහභාගි වී ඇති අතර ඉන් තරග දෙකම ජයගැනීමට සමත්ව සිටිනවා.

ප්‍රසාද ලකුණු 2 බැගින් ලබාගෙන සිටින දඹුල්ල වයිකිංග් සහ ජැෆ්නා ස්ටැලියන්ස් යන කණ්ඩායම් පිළිවෙළින් 2 වන සහ 3 වන ස්ථානයේ පසුවනවා.

4 වන සහ 5 වන ස්ථානයේ පසුවන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම මේ වන තෙක් කිසිදු ප්‍රසාද ලකුණක් ලබාගෙන නැහැ.

එම කණ්ඩායම් දෙක තරග දෙක බැගින් සහභාගි වී ඇති නමුත් එම තරගවලින් පරාජයට පත්ව තිබෙනවා.

Your Comments