IMF ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාරවල පස්වන ණය වාරිකය ලබාදීම කෙරෙහි අවධානය

23

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන ආධාරවලට අදාළව පස්වන ණය වාරිකය ලබාදීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.
පසුගිය සමයේ සිදු වූ දේශපාලන අර්බුදය හේතුවෙන් මෙම ණය වාරිකය ලබාදීම කල් දැමුනා.
ඇමෙරිකා ඩොලර් මිලියන එක්දහස් පන්සියයක් පමණ වූ මෙම ණය මුදලෙන් පස්වන වාරිකය ලබාදීම සම්බන්ධ සාකච්ඡා සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන එක්දහස් පන්සියයක ණය මුදලක් වාරික හයක් යටතේ 2016ත් 2019 අතර කාලය තුළ ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකගතාව පළ කර තිබුණා.
ඉන් වාරික හතරක් මේ වන විට ලබා දී අවසන්.

Your Comments