Enterprise Sri Lanka – තුන්වන ප්‍රදර්ශනය යාපනයේදී ඇරඹෙයි (PHOTOs)

9

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන මාලාවේ තුන්වන ප්‍රදර්ශනය යාපනය කොටුව ප්‍රදේශයේදී ආරම්භ කෙරුණා.

ප්‍රදර්ශන 10 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ සහ රජයේ සංවර්ධන කාර්යයන් ජනතාවට වඩාත් සමීප කරවීම අරමුණු කරගත්
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ 2025 දැක්මට අනුවයි ප්‍රදර්ශනය සංවිධාන කෙරෙන්නේ.

උතුර ට ආවේනික වූ විවිධ ව්‍යවසායකත්වයන් තව දුරටත් ශක්තිමත් කර ගනිමින් නව පරපුර එම ව්‍යවසායකත්ව අපේක්ෂාවන් වෙත යොමු කරවීම ‘යාපනය ප්‍රදර්ශනයේ’ අරමුණයි.

යාපනය දිස්ත්‍රික්කයට ආවේනික කර්මාන්ත නංවාලීම ට කාර්මික,කෘෂිකාර්මික, ධීවර හා සංචාරක යන ක්ෂේත්‍රයන්ට මූලිකත්වය දෙමින් ව්‍යාපාර නැංවීම සඳහා ණය සහන ලබා දීම ප්‍රායෝගික තලයට ගෙන ඒම මෙම වැඩසටහනේ අපේක්ෂාවයි.

උතුරේ ව්‍යවසායකත්ව අපේක්ෂාවන් සහිත තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් ඔවුන්ට අවශ්‍ය සේවා පිළිබදව දැනුම,උපදේශනය ලබා ගත හැකි පරිදි ප්‍රදර්ශන භුමිය කලාප හතකින් සමන්විතවේ.
ව්‍යවසායකත්ව කලාපය,
රාජ්‍ය හා පෞද්ගලික අංශ කලාපය,
අධ්‍යාපන කලාපය,
හරිත කලාපය,
නව නිපැයුම් කලාපය,
වාණිජ කලාපය සහ
මාධ්‍ය කලාපය ලෙස කලාප හත වෙන් කර ඇත.

පෙරවරු 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ප්‍රදර්ශනය පැවැත්වෙයි.

Your Comments