COVID-19 : ඉතාලියේ සිට පැමිණි හලාවත කාන්තාවකටත් කොරෝනා බවට සැක

19017

කොරෝනා වෛරසය ආසාධිත බවට සැක කෙරෙන කාන්තාවක් හලාවත මහා රෝහලේ දී හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව ඇය කොළඹ IDH රෝහලට මාරු කර යැවු බවයි හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල මල්ලවාරච්චි මහතා පැවසුවේ.

අද (11) පෙරවරු 10 ට පමණ මෙම කාන්තාව හලාවත මහා රෝහලට පැමිණ ඇති අතර ඇය පැය භාගයකට වැඩි කාලයක් භාහිර රෝගී අංශයේ සිට ඇති අතර රෝහල් කාර්ය මණ්ඩලයේ ඇතැමුන් මැය පරික්ෂා කිරීම ට ඉදිරිපත්ව නැහැ.

පසුව රෝහල් අධ්‍යක්ෂකවරයා පැමිණ මේ කාන්තාව පරික්ෂා කර බලා කොළඹ උණ රෝහලට මාරු කර යැවීමට කටයුතු කර තිබෙනවා.

මෙහිදී රෝහල් අධ්‍යක්ෂකවරයා කටයුතු කළ ආකාරය රෝගීන්ගේ හා අනෙකුත් ජනතාවගේ පැසසුමට ලක්ව ඇති බවයි NEWS24 වාර්තාකරු පැවසුවේ.

පනස් හය හැවිරිදි කාන්තාව හලාවත ප්‍රදේශයේ ගමක තැනැත්තියක් වන අතර ඇය ඉතාලියේ සිට පැමිණ ඇත්තේ පසුගිය තුන වන දින බවටයි පැවසෙන්නේ.

ඇය හිතවතුනට සංග්‍රහ කිරීම සදහා සාදයක්ද පවත්වා තිබෙනවා.

හලාවත රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම කාන්තාවගෙන් කොරෝනා රෝගියෙකුට සමාන රෝගී ලක්ෂණ දක්නට ඇති බවයි.

කෙසේ වෙතත් රෝහල් අධ්‍යක්ෂකවරයා කියා සිටියේ ඒ පිළිබඳ තහවුරු කර ගත හැක්කේ පරීක්ෂණ වලින් පසුව බවයි.

(ප්‍රසාද් පූර්ණමාල්)

Your Comments