CID අධ්‍යක්ෂට ස්ථානමාරුවක්

14

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට ස්ථානමාරුවක් ලබා දී තිබෙනවා.

ඒ, ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර නිලධාරී ලෙසයි.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සහ මැතිවරණ කොමිසන් සභාවේ එකඟතාව මත ස්ථාන මාරුවිම සිදු කර ඇති බව සඳහන්.

මීට අමතරව තවත් පොලිස් නිලධාරීන් 15 දෙනෙකුට නව පත්කිරීම් සහ ස්ථානමාරුවීම් ලබා දී ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

Your Comments