BREAKING : ඡන්දය ගැන පෙත්සම් නිෂ්ප්‍රභ කරයි

72

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි 20 වෙනිදාට නියම කෙරුණු පාර්ලිමේන්තු මැතිවරණය අභියෝගයට ලක් කෙරෙමින් ඉදිරිපත් කෙරුණු පෙත්සම් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.

මෙම පෙත්සම් වල නීතිමය පදනමක් නොමැති බව සඳහන් කරමිනුයි විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මීටේ ටික වෙලාවකට පෙර තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

Your Comments