BREAKING: ඉන්දුනීසියාවට 7.3ක ප්‍රබල භූ කම්පනයක් – ජපානයත් හෙල්ලෙයි – ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ

2322

නැගෙනහිර ඉන්දුනීසියාවේ පැපුවා, Saumlaki ප්‍රදේශයේ 7.3ක ප්‍රමාණයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

ඒ, අබේපුර නගරයට කිලෝමීටර 240 ක් බටහිර දෙසට වන්නට පොළොව අභ්‍යන්තරයේ.

ඇතැම් වාර්තාවල මෙය 7.5ක් මෙන්ම 7.2ක් ලෙසද දක්වා තිබෙනවා.

සුනාමි අනතුරු ඇඟවීම් කිසිවක් මේ වන තුරු නිකුත් කර නැහැ.

භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානයට ආසන්නතම ප්‍රධාන නගරය වන්නේ පැපුවා නිව්ගිනියාවට මායිම්ව ඇති ජයපුර නගරයයි.

කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පළමු භූමි කම්පාවෙන් පසු තවත් භූමි කම්පා තුනක් එම ප්‍රදේශයෙන් පසු කම්පන ලෙස වාර්තා වුණා.

එරට වේලාවෙන් පෙරවරු 10.22 ට පළමු කම්පනය වාර්තා වූ අතර පසු කම්පන තුන වාර්තා වූයේ විනාඩි 23ක් ඇතුළතයි.

පසු කම්පන, ඒකක 5, 5.3 සහ 4.7 ක් බවයි දැක්වෙන්නේ.

අද පෙරවරුවේ ජපානයෙන් ද භූමිකම්පාවක් ද වාර්තා වූවා.

එහි අගය ඒකක 5.5ක්.

ජපානයේ ටටෙයාමා (Tateyama) සිට කිලෝමීටර් 14 ක් පමණ දුරින් එරට වේලාවෙන් පෙරවරු  9.16 ට පමණ කම්පනය සිදුව තිබෙනවා.

එහි කේන්ද්‍රය ටෝකියෝවට යාබද චිබා ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් වූ බවයි ජපානය දක්වා සිටියේ.

ඊයේ රාත්‍රි 10.45 ට පමණ යුරෝපයේ රෝමයෙන් ද 3.7 ක ප්‍රබලත්වයක භූ කම්පාවක් වාර්තා වුණා.

Your Comments