BPL ශූරතාව තිසරගේ කොමිලාට

14

බංග්ලාදේශ පි‍්‍රමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ අවසන් තරගයේ දී ලකුණූ 17කින් පරාජයට පත් වූයේ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමයි.

ඩකා හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොමිලා කණ්ඩායම කඩුලු‍ 3ක් දැවී ලකුණු 199ක් ලබා ගත්තා.

ටමිම් ඉක්බාල් නොදැවී ලකුණු 141ක් රැස් කළේ හයේ පහර 11ක් සමගින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඩකා කණ්ඩායමට කඩුලු‍ 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 182ක් පමණයි.

උපුල් තරංග ලකුණු 48යි.

පන්දු යැවීමේ දී වහාබ් රියාස් කඩුලු‍ 3ක් සහ තිසර පෙරේරා කඩුලු‍ 2ක් බිඳ දැම්මා.

Your Comments