UPDATE: ආහාර විෂවීමෙන් 300ක් රෝහලට

44

මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී ආහාර විෂවීමෙන් රෝහල් ගත කළ  පිරිස 300 ඉක්මවා තිබෙනවා.
ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් ට ආහාර සපයන පෞද්ගලික ආයතනයකින්  අද පෙරවරුවේ ලබාදුන් ආහාර මෙලෙස විෂවීමකට ලක්ව ඇති බවයි  පැවසෙන්නේ.
ඔවුන්ට වමනය සහිත රෝගී තත්ත්වයන් පවතින බව සඳහන්.
රෝගී වූ සේවක සේවිකාවන්ගෙන් 156 දෙනෙකු ගම්පහ රෝහලටත් 150 දෙනෙකු මිනුවන්ගොඩ රෝහලටත් ඇතුළත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුවත් කර පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන ඇති බවයි පොලීසිය කියා සිටියේ.

—————————————————————————————————————————————————-

ආහාර විෂවීමකින් 100ක්  රෝහලට

ආහාර විෂවීමක් හේතුවෙන් මිනුවන්ගොඩ – යකහටුව ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 100කට ආසන්න පිරිසක් රෝහල් ගත කර තිබෙනවා.
ආහාර සපයන පෞද්ගලික ආයතනයකින් ඔවුන්ට අද පෙරවරුවේ ලබාදුන් ආහාර විෂවීමකට ලක්ව ඇති බවයි NEWS24 වාර්තාකරු පැවසුවේ.
සේවක සේවිකාවන් 71 දෙනෙකු පමණ මිනුවන්ගොඩ රෝහලටත් තවත් 25 දෙනෙකු පමණ ගම්පහ රෝහලටත් ඇතුළත් කර ඇති බව සඳහන්.

Your Comments