හිටපු ජනපතිගේ පුතුන් දෙදෙනා රිමාන්ඩ්

64

ඊජිප්තු හිටපු ජනපති හොස්නි මුබාරක්ගේ පුතුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ කොටස් වෙළඳපොල සහ මහබැංකු නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනා හේතුවෙන්.
අලා මුබාරක් සහ ගමාල් මුබාරක් දෙදෙනාට එරෙහි නඩු විභාගය ආරම්භ වූයේ 2012 දී.
කෙසේ වෙතත් පසුගිය වසර තුනක පමණ කාලයක් ඔවුන් ඇප මත නිදහස්ව සිටියා.
හිටපු ජනපතිගේ පුතුන් දෙදෙනා ඊජිප්තු පවුම් මිලියන 494කට අධික මුදලක් වංචා කර ඇති බවටයි කයිරෝ අධිකරණයට කරුණු වාර්තා වී ඇත්තේ.
හොස්නි මුබාරක් ඊජිප්තුවේ සිව්වන ජනාධිපතිවරයා ලෙස 1981 සිට 2011 දක්වා වසර 30ක් කාලයක් ධුරයේ රැඳී සිටියා.

Your Comments