ඥාණසාර හිමිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

129

වසර හයක සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර දෙන්න ලෙස ඉල්ලා බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් කළ ඉල්ලීම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල විසිනුයි මෙම නියෝගය ලබාදුන්නේ.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනාවට වරදකරු කෙරුණු ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ඉකුත් අගෝස්තු මස 8 වන දා වසර 19 ක සිර දඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එය වසර හයකින් ගෙවී යා යුතු බවට නියම කළා.

එම දඬුවමට එරෙහිව ශේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර දෙන මෙන් ඉල්ලා ඥාණසාර හිමියන් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා මාර්ගයෙන් අභියාචනා අධිකරණයට කරුණු දක්වනු ලැබුවා.

එහෙත් එම ඉල්ලීමට එරෙහිව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඥාණසාර හිමියන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි වාර්තා වුණේ.

Your Comments