මහනුවර ඇසළ මංගල්‍යයේ කප් සිටුවයි

67

වාර්ෂික මහනුවර ඇසල පෙරහැර මංගල්‍යය වෙනුවෙන් සතර දේවාලයන්හි කප් සිටුවීම අද පෙරවරුවේ 06.02ට සුබ මොහොතින් සිදු කරනු ලැබුවා.
ඒ අනුව 16 වනදා සිට 26 වනදා දක්වා මහනුවර ඇසල පෙරහැර මංගල්‍යය පැවැත්වීමට නියමිත බවයි මහනුවර දළඳා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ.
අද චාරිත්‍රානුකූල වතාවතවලින් අනතුරුව, සතර දේවාල පෙරහැර පැවැත්වෙන අතර 16දා සිට 20දා දක්වා කුඹල් පෙරහැර පැවැත්වනු ඇති.
21දා සිට 25දා දක්වා රන්දෝලි පෙරහැර පැවැත්වීමට නියමිතයි.
දිය කැපීමේ මංගල්‍ය 26දා ගැටඹේ තොටේ දි සිදුකරනු ඇති.
මෙවර පෙරහැර මංගල්‍යය සඳහා කලාකරුවන් 1500කට අධික පිරිසක් ද අලි ඇතුන් 80කට අධික පිරිසක් ද සහභාගිවීමට නියමිත බව සදහන්.
නැදුන්ගමුවේ රාජා, දළඳා මාලිගාවේ ඉන්දි රාජා සහ කතරගම වාසනා යන හස්තිරාජයන් විසින් සධාතුක කරඬුව වැඩම කරවිමටයි නියමිතව ඇත්තේ.
මේ අතර පෙරහැර නැරඹීමට පැමිණෙන බැතිමතුන් කසල බැහැර කිරීම සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස මහනුවර දළඳා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඉල්ලීමක්ද කර සිටිනවා.

Your Comments