ඇසළ මංගල්‍යයේ රන්දෝලි පෙරහර ආරම්භ කෙරෙයි

14

ඓතිහාසික ශ්‍රී දළදා ඇසළ පෙරහර මංගල්‍යයේ රන්දෝලි පෙරහර අද ආරම්භ කෙරෙනවා.

රන්දෝලි පෙරහර තුන් වනදා දක්වා පැවැත්වෙන අතර නරඹන්නන්ගෙන් තොරව පෙරහර පැවැත්වුව ද දළදා වහන්සේ සහ දෙවියන් උදෙසා සිදු කෙරෙන පූජාවන් සහ සංස්කෘතික අංග නොවෙනස්ව පවත්වාගෙන යන බව දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළා.

පළමු රන්දෝලි පෙරහර පස්වරු 6.49 ට වීදි සංචාරය ආරම්භ කෙරෙන අතර දළදා වීදිය, ඞී. එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, ශී‍්‍රමත් බෙනට් සොයිසා වීදිය, ඊ. එල්. සේනානායක වීදිය සහ රජවීදිය ඔස්සේ පෙරහැර ගමන් නියමිතයි.

මේ අතර ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ නව වැනි පෙරහර අද විීදි සංචාරය කෙරෙනවා.

නර්තන ශිල්පීන් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් පෙරහර පැවැත්වෙන බව බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

Your Comments