IDH රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා ඇල්ලීමට මහජන සහය ඉල්ලයි

4

IDH රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා ඇල්ලීමට මහජන සහය ඉල්ලයි

මුල්ලේරියාව අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයෙකු රෝහලෙන් පැනගොස් තිබෙනවා.

ඒ අද (24) අලුයම කාලයේ දී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ ආසාදිතයා මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වී සිටි අපරාධ සඳහා අවශ්‍ය ව සිටි පුද්ගලයෙකු බවයි.

එම පුද්ගලයාගේ වම් කකුලේ ආබාධයක් පවතින අතර ඒ හේතුවෙන් ඇවිදින විට ‘කොරගසන’ පුද්ගලයෙකු වන අතර මොහු සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය අපේක්ෂා කර සිටී.

ඔහු ගැන යම් තොරතුරක් වෙතොත් දැනුම් දෙන ලෙසයි පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

119
0718591017
0718592290
0718591864

අයි.ඩි.එච් රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා සොයා ගැනීම සඳහා යුද හමුදා කණ්ඩායම් කිහිපයක් ද යොදවා ඇති බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

Your Comments