විශ්වාස භංගය පරාජය වීම ගැන ජ.වි.පෙන් විපක්ෂ නායක ට සහ දෙමළ සන්ධානයට චෝදනා

41

ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය පරාජයට පත් වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා වගකිව යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.

එම පක්ෂය ගෙන ආ විශ්වාසභංගය වැඩි ඡන්ද 27 කින් පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඒ බව සඳහන් කළා.

විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්ද 119ක් ලැබුණු අතර පක්ෂව හිමිවුණේ ඡන්ද 92 ක් පමණයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ අතර ආණ්ඩුව සමග එක්ව දෙමළ ජාතික සන්ධානය යෝජනාවට විපක්ෂව ඡන්දය භාවිත කළා.

මේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද එහිදී අදහස් පළ කළා.

මේ, අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් යන මහත්වරුන්.

Your Comments