කැබ් රථයක් යතුරුපැදියක ගැටී තරුණයන් තිදෙනෙකු මරුට

21

ආණමඩුව හලාවත මාර්ගයේ පල්ලම නාගවිල ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

ඒ යතුරුපැදියක් කැබ් රථයක ගැටීමෙන්.

අනතුර ඊයේ (25) රාත්‍රී 7 ට පමණ සිදුව තිබෙනවා.

මියගොස් ඇත්තේ යතුරු පැදියේ ගමන් කළ තරුණයන් තිදෙනෙක්.

ඔවුන් ගෙන් දෙදෙනෙකු ආරක්ෂක හිස් වැසුම් නොමැතිවයි යතුරු පැදියේ ගමන් කර ඇත්තේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු ඔවුන් හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

18 හැවිරිදි සමීර කසුන් සහ කවිදු දිල්ශාන් මෙන්ම 20 හැවිරිදි දිල්ෂාන් මහේෂ්, පල්ලම නාගවිල්ලුව ප්‍රදේශයේ පදිංචිව සිටි තිදෙනෙක්.

කැබ් රථය යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් බවත් එහි රියදුරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කළා.

අනතුර සිදුව ඇත්තේ කැබ් රථය කොළඹ සිට කෙටි මාර්ගයක් භවිතා කරමින් යාපනය බලා ධාවනය කෙරෙන අතරතුරයි.

අනතුරෙන් යතුරු පැදියට හා කැබ් රථයට බරපතල හානි සිදුව තිබෙනවා.

Your Comments