පළමු පෙරහුරුවෙන් ශ‍්‍රී ලංකාව ලකුණු 87කින් පරාජයට

93

ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට අදාළ ශ‍්‍රී ලංකා – දකුණු අප‍්‍රිකා පුහුණු එක්දින තරගයෙන් ලකුණු 87ක ජයක් වාර්තා කිරීමට දකුණු අප‍්‍රිකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව කාඩිෆ්හී දී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකාව කඩුලු 7ක් දැවී ලකුණු 338ක් ලබා ගත්තා.

ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 88ක් සහ හෂීම් අම්ලා ලකුණු 65ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නුවන් ප‍්‍රදීප් සහ සුරංග ලක්මාල් කඩුලු 2 බැගින් බිඳ දැම්මා.

ඉසුරු උදාන ලකුණූ 42කට එක් කඩුල්ලක් බිඳ හෙලමින් අනගි පන්දු යැවීමක් ප‍්‍රදර්ශනය කළ ද ඔහු යැවූ අවසන් පන්දුවේ දී පන්දුව අතෙහි වැදී ආබාධයකට ලක්වීම නිසා පිටියෙන් ඉවත් වුණා.

එමෙන්ම ඊට පෙර අවිශ්ක ප‍්‍රනාන්දු ද පාදයේ ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව සිටියා.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 42යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 251ක් පමණයි.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 87ක් සහ ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 64ක් රැස් කළා.

කුසල් මෙන්ඩිස් ලකුණු 37යි.

ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන පුහුණු තරගය ලබන 27 වනදා ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Your Comments