UN නම සඳහන්ව මෙරට මාර්ගයක ධාවනය වූ බෆල් රථයේ සත්‍ය කතාව (PHOTOs)

793

UN යනුවෙන් සඳහන් වූ හමුදා බෆල් රථ කොළඹ හෝ තදාසන්න ප්‍රදේශයේ මාර්ගයක ධාවනය වූ බව දැක්වෙන පින්තූර  සමාජ මාධ්‍යයන්හි පළවී තිබීම සම්බන්ධයෙන් අප යුධ හමුදා ඉහළ නිලධාරියෙකුගෙන් විමසීමක් කළා.

අදාළ බෆල් රථය එක්සත් ජාතින්ගේ සංවිධානයේ මෙරට කටයුත්තකට කිසිසේත් සම්බන්ධ එකක් නොවන අතර ලොව පුරා සාමසාධක කටයුතුවල නිරතව සිටින ශ්‍රී ලාංකික භටපිරිස් සඳහා යැවෙන එකක් බවයි එම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියා NEWS24 වෙත සඳහන් කළේ.

එක්සත් ජාතීන්ගේ සාමසාධක කටයුතුවල නිරතව සිටින ලෝකයේ සෑම රටකම භටපිරිස් ස්වකීය මෙහෙයුම් සිදු කරන රටවලට තමන්ගේ විවිධ භාණ්ඩ ගෙන යනු ලබනවා.

වාහන, ආයුධ, තාක්ෂණික උපකරණ ඒ අතර වන බවයි එම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියා අප සමග පැවසුවේ.

එමෙන්ම ලෝකයේ දියුණු රටවල් තමන් සතු නාවුක සහ ගුවන් යාත්‍රා ද එක්සත් ජාතින්ගේ සාමසාධක මෙහෙයුම්වලට සම්බන්ධවන සිය භට පිරිස් වෙත ලබා දෙනවා.

එවැනි අවස්ථාවල අදාළ රටෙහි ආණ්ඩුවට ඒ සඳහා මුදල් ගෙවිමක් ද එක්සත් ජාතිනගේ සංවිධානය විසින් සිදුකරනු ලබන බව සඳහන්.

එවැනි බෆල් රථයක් ප්‍රධාන මාර්ගයක ධාවනය කළේ නම් බොහෝ විට කොළඹ වරාය වෙත යාමට විය හැකි බවයි එම හමුදා නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.

Your Comments