ප්‍රතිත්‍රස්ත පනත ‘වැඩකට නැති බව’ සජිත් කියයි

34

ප්‍රති-ත්‍රස්ත පනත ඔස්සේ ත්‍රස්තවාදයට මුහුණ දිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ අනුව ප්‍රති-ත්‍රස්ත පනත වහා ඉවත් කළ යුතු බවයි අම්පාර ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ.

ප්‍රතිත්‍රස්ත පනත්වලින් රටේ ජාතික ආරක්ෂාව රැක ගැනීමට නොහැකි බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා.

එබැවින් ජාතික ආරක්ෂාව ජාතික න්‍යාය පත්‍රයේ අංක එකට ගෙන ඒම යුගයේ අවශ්‍යතාවය බවයි සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ.

ජාතික ආරක්ෂාව විනාශ කරමින් රකින්නට ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ මානව අයිතිවාසිකමක් නොමැති බව අමාත්‍යවරයා කියා සිටියා.

අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්තප්‍රහාර මාලාව පාලනය කිරීමට ආරක්ෂක අංශවලට සහය ලැබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පැවති ප්‍රතිපාදන නිසා බවයි අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දෙන්නේ.

වත්මන් ශ්‍රී ලංකාව ගෝලීය ත්‍රස්තවාදයකට මුහුණ දෙන බැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට තවදුරටත් දැඩි නීති ඇතුළත් කර ශක්තිමත් කළ යුතු බවත් සඳහන් කළා.

Your Comments