පැරසිටමෝල් ඇතුළු ඖෂධ වර්ග 60ක මිල වැඩි කෙරෙයි

81

පැරසිටමෝල් ඇතුළු ඖෂධ වර්ග 60ක මිල ගණන් 14.4%කින් වැඩි කර තිබෙනවා.

ඒ, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් නිකුත් කළ අංක 2123/35 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින්.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පසුගිය කාලයේ රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ඖෂධ සමාගම් කළ ඉල්ලීම් රැසක් අනුව මෙම මිල සංශෝධන ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

මෙලෙස මිල ඉහළ නංවා ඇත්තේ මීට ඉහතදී මිල පාලනයකට ලක් කරමින් මිල අඩු කර තිබූ ඖෂධයි.

Your Comments