20යි 20න් නවසීලන්තයට ජය

29

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් නවසීලන්තය ජය ගත්තා.

ඒ ලකුණු 35කින්.

ශ්‍රී ලංකාවට ලකුණු 180ක ඉලක්කයක් ලැබුණා.

කාසියේ වාසිය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය මෙරට වේලාවෙන් පෙරවරු 11.30ට ඔක්ලන්ඩ් හී දී ආරම්භ වූ අතර නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහර දී ලකුණු 179ක් ලබා ගත් අතර කඩුළු 7ක් බිඳ වැටුණා.

ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාවට පන්දුවාර 16යි පන්දු 5කදී සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 144ක් පමණයි.

Your Comments