1989න් පසු දැවැන්තම ප්‍රහාරය – මරණ 44 දක්වා ඉහළට

41

ජම්මු කාශ්මීර් ප්‍රදේශයේදී ඊයේ (14) එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තම රටට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව පාකිස්තානය පවසනවා.

ප්‍රහාරයේ වගකිම පාකිස්ථානයේ ත්‍රස්ත සංවිධානයක් විසින් භාර ගැනීමත් සමගයි ඉන්දියාව සහ පාකිස්තානය අතර යළි ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇත්තේ.

ඉන්දියාව විසින් පාකිස්තානයට චෝදනා කළේ එරට ක්‍රියාත්මක ත්‍රස්ත සංවිධානවලට එරෙහිව පකිස්තාන රජය නිසි පියවර නොගන්නා බවටයි.

ප්‍රහාරයෙන් මිය ගිය ඉන්දීය ආරක්ෂක අංශ නිලධාරීන්ගේ සංඛ්‍යාව 44 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ප්‍රහාරය 1989න් පසුව ඉන්දීය හමුදා ඉලක්ක කරගනිමින් කාශ්මීරයෙදී එල්ල වූ දැවැන්තම ප්‍රහාරයයි.

Your Comments