ඉන්දුනීසියාවට යළි සුනාමියක් ගැන අනතුරු ඇඟවීමක්!

41

ඉන්දුනීසියාවට බලපෑ සුනාමි තත්ත්වයෙන් පසුව තවත් සුනාමි තත්ත්වයක් ඇති විය හැකි බවට එරට බළධාරීන් අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව වෙරළබඩ ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

පෙරේදා දිනයේ දී එරට සුමාත්‍රා සහ ජාවා දූපත්වලට බලපෑ සුනාමි තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 222 දෙනෙකු මිය ගොස් ඇති අතර තුවාල ලබා ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 843ක්.

ක්‍රැකටෝවා ගින්කන්ද සක්‍රීය වීමත් සමග මුහුදු පතුලේ සිදු වූ නායයාමක් නිසා මෙම සුනාමි තත්ත්වය හටගත්තා.

අදාළ ගිනි කන්ද තවදුරටත් සක්‍රීය වීම හේතුවෙන් එවැනි සුනාමි තත්ත්වයක් යළි ඇති විය හැකි බවටයි මේ වන විට අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ.

සම්බන්ධිත පුවත්

UPDATE: ඉන්දුනීසියාවේ ‘ගිනිකඳු සුනාමිය’- 745කට තුවාල – 168ක් මරුට

Your Comments