UPDATE: ඉන්දුනීසියාවේ ‘ගිනිකඳු සුනාමිය’- 745කට තුවාල – 168ක් මරුට

283

ඉන්දුනීසියාවේ ‘ගිනිකඳු සුනාමි’ තත්වයකින් පුද්ගලයන් 745කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.
මිය ගිය ගණන 168ක්.
ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දූපත් යාවෙන සුන්ඩා සමුද්‍ර සන්දිය ප්‍රදේශයේ අනාක් ක්‍රැකටෝවා (Anak Krakatoa) ගිනි කන්ද පුපුරා යාමෙනුයි සුනාමි තත්වයක් හටගෙන ඇත්තේ.

ගිනිකන්ද පුපුරායාම ඊයේ පස්වරු කාලයේදී සක්‍රීය වී ඇති අතර
ලාවා විශාල වශයෙන් මුහුදට ගලා යාම ආරම්භ වී තිබුණා.


ලාවා විශාල ප්‍රමාණයක් එක්වරම මුහුදට ගලා වැටීම හේතුවෙන් සුනාමි තත්වයක් හටගෙන තිබෙනවා.
සුනාමි රළ ගොඩබිම් ප්‍රදේශයේ මීටර 15ක්-20ක් පමණ පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දුනීසියා රජය දක්වා ඇත්තේ පුද්ගලයන් කිහිප දෙනෙකු අතුරුදන්ව, වෙරළාසන්න නිවාස ඇතුළු ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති බවයි.

සුනාමිය ආ අවස්ථාවක්
සුනාමියට පසු


1883 වර්ෂයේ අගෝස්තු මාසයේ දී ක්‍රැකටෝවා (Krakatoa) ගිනිකන්ද පුපුරා යාමෙන් පුද්ගලයන් 30,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබුණා.
එම ගිනි කඳු දූපත වසර කිහිපයක දී ක්‍රමයෙන් අතුරුදන්ව ඇති බවයි වාර්තාවල දැක්වෙන්නේ.
එහි උප දූපතක් ලෙස අනාක් ක්‍රැකටෝවා ගිනි කඳු දූපත මතුව ඇත්තේ 1927දී.

Your Comments