ඩ්‍රෝනයක් හේතුවෙන් ගුවන්තොටුපල කටයුතු අඩාලයි

37

ලන්ඩනයේ ගැට්වික් ගුවන්තොටුපල ආසන්න ගුවනේ සැරිසරන ඩ්‍රෝන් යානයක් හේතුවෙන්, ගුවන්තොටුපලේ කටයුතු පැය 24 කට වැඩි කාලයක් අඩාල වී තිබෙනවා.
මේ නිසා ගුවන් ගමන් 760කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර ගුවන් මගීන් එක්ලක්ෂ දස දහසකට අධික පිරිසක් මේ හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ගුවන්තොටුපල පිහිටි සසෙක්ස් ප්‍රාන්ත පොලීසිය ඩ්‍රෝන් යානය බිම හෙලීම සදහා යුද හමුදාව ද කැඳවා තිබුණා.

Your Comments