පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා රිමාන්ඩ්

213

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පසුගිය 16 වනදා ගොඩකවෙල නගරයේදී පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ තවත් පුද්ගලයන් තිදෙනෙකු අද ගොඩකවෙල පොලිසියට ඉදිරිපත්ව තිබෙනවා.

සැකකරුවන් ඉදිරිපත් කෙරුණේ පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයටයි.

පොලිස් මුලස්ථානය නිවේදනය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඇතුළු සිව්දෙනා ජනවාරි පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බවයි.

Your Comments