මහින්ද අගමැතිකමෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

110

ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන්නේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ රැදී සිටින NEWS24 විශේෂ නියෝජිත උදිතමාල් හේමචන්ද්‍ර….

මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වන බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් ද නිකුත් කර තිබෙනවා. ..

Your Comments