13 හැවිරිදි දැරියක් දූෂණය කළ අයෙකුට බරපතල වැඩ සහිතව දස වසරක සිරදඬුවමක්
රුපියල් ලක්ෂයක වන්දියක් සහ පන් දහසක් දඩයකුත් නියම කරයි

35

[ජයන්ත වීරසේකර – වැල්ලවාය] වැල්ලවාය, අයිස්පීල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 13ක පාසල් දැරියක් දූෂණය කර වරද පිලිගත් අයෙකුට බරපතළ වැඩ සහිත වසර දහයක සිරදඬුවමක්, රුපියල් ලක්ෂයක වන්දියක් සහ රුපියල් පන්දහසක දඩ මුදලක් මොනරාගල පලාත් බද මහ අධිකරණය විසින් නියම කර තිබෙනවා.

අදාළ පාසල් දැරියගේ නිවස ආසන්නයේ ඇති වැසිකිළියක් ආසන්නයේදී සැකකරු විසින් අදාළ පාසල් දැරිය 2012 වර්ෂයේදී දූෂණය කර ඇති බවටත් ඊට අදාළව කෙරුණු නඩු විභාගයේදී අදාළ සැකකරු මෙලෙස වරදකරු වූ බවත් නිවුස්24 වාර්තාකරු කියා සිටියා.

ඒ වන විට දැරියට අවුරුදු 13ක් වන අතර සැකකරුට අවුරුදු 22ක් බවයි පොලිසිය කියා සිටියේ.

2012 වර්ෂයේ සිට 2019  වර්ෂය දක්වා නීතිපති උපදෙස් සඳහා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව පැවති අතර 2019  වර්ෂයේ දී එම නඩුව මොනරාගල පළාත්බද මහාධිකරණයේදී  විභාගය ඇරඹී තිබෙනවා.

එලෙස විභාග වූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මොනරාගල පලාබද මහාධිකරණ විනිසුරු ඒ.ටී. නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය විසින් නියෝග කළේ චූදිතයාට වසර 10ක සිරදඬුවම සහ වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් වසරක සිරදඬුවමක්, දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස හයක සිරදඬුවමක් නියම කරන බවයි.

Your Comments