පාර්ලිමේන්තුව 14 වනදා කැඳවීමට ජනපති තීරණය කරයි

45

පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාරය ලබන 14 වනදා කැඳවන බව සඳහන් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් ඊයේ (04) රාත්‍රියේ නිකුත් කෙරුණා.

අද දිනයේ දී පාර්ලිමේන්තුව කැඳවීමට මීට පෙර නියමිතව තිබූ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තු සැසිය ලබන 16 වනදා දක්වා කල් තැබීමටයි පසුගිය 27 වනදා තීරණය කළේ.

කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්න මහතා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ ලබන 14 වැනි දා පෙරවරු 10ට පාර්ලිමේන්තුව කැඳවන බවයි.

Your Comments