ෆේස්බුක් සාදයක් වටලා 51 දෙනෙකු අත්අඩංගුවට

29

බලංගොඩ – බෙලිහුල්ඔය ප්‍රදේශයේ හෝටලයක පැවති ෆේස්බුක් සාදයකදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමඟ 51 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව ඊයේ සිදුකළ වැටලීමකදීයි.
සැකකරුවන් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 160 ක්, කොකේන් මිලිග්‍රෑම් 300 ක්, අයිස් මිලිග්‍රෑම් 50 ක් සහ මත්පෙති තොගයක් පොලීසිය සිය භාරයට ගෙන ඇති බව සඳහන්.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් සුරාබදු අධිකාරියේ රත්නපුර කාර්යාලයට භාරදී තිබෙනවා.

Your Comments