හෝමාගම ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් අත්හිටුවයි

114

යෝජිත හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් තාවකාලික අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ, ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින මතභේදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අද පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

සාකච්ඡාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඊට හිටපු සහ වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් බළධාරීන් මෙන්ම හිටපු බළධාරීන් ද එක්ව සිටියා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු සඳහන් කළේ පවතින සියලු තත්ත්වයන් නිරීක්ෂණය කිරීමෙන් පසු, මෙම ක්‍රීඩාංගනයේ වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත්, එය ක්‍රමාණුකූලව ජාතික මට්ටමේ ක්‍රීඩාංගනයක් දක්වා ඉදි කිරීමටත්, පසුව ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සහිත ක්‍රීඩාංගනයක් ලෙස එහි පහසුකම් දියුණු කිරීමටත් පියවර ගන්නා බව ද එම උසස් නිළධාරියා සඳහන් කළා.

මෙම ක්‍රීඩාංගනය සදහා යෙදවීමට අපේක්ෂා කළ මුදල රුපියල් කෝටි 800ක් පමණ වනවා.

Your Comments